Saturday, February 14, 2026
Follow Us
ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ?

ඊයේ රාත්‍රියේ ජනපති මැදුරේ පැවති හමුවේදී සිදුවූ දේ


ආණ්ඩුවේ විශේෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

ඊයේ රාත්‍රී කොටුව ජනාධිපති මන්දිරයේ දි මෙම සාකච්ඡාව පැවැත්විණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මැතිඇමතිවරුන් මේ සදහා සහභාගි වී තිබේ.

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදය සහ ආණ්ඩුව විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද මෙහිදි සාකච්ඡා කළ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්යය චරිත හේරත් සහ අනුප පස්කුවල් යන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේය.

මේ අතර මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම සාකච්ඡාවේදී මැති ඇමතිවරුන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවූ බවය.

එසේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වන ලෙස හෝ ඔහු ඉවත්කරන බවට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවද ජනපතිවරයා විසින් මෙහිදී ප්‍රකාශ කර ඇති බව අද දිනපතා පුවත්පත් වාර්තා කර තිබුණි.

(Aruna)