අද දිනයේ සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. ඊයේ සිදුකළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වුණා. කෙසේවෙතත් අද දිනයේ නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසුවේ.
ඊයේ වර්ජනයට එක් නොවුන ද අද දිනයේදී ද පෞද්ගලික බස් ධාවනය වන්නේ සියයට 50 ක් පමණ බවයි සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් වෘත්තිය සමිති දහසකට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජන හේතුවෙන් ඊයේ බොහෝ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩකටයුතු අඩාල වුණා. මේ අතර ගාලුමුවදොර අරගලයට අදට දින 21 ක්.
(Neth)