Saturday, February 14, 2026
Follow Us
සා.පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්වයට දින නියම වෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග අපේක්ෂකයින්ට පණිවිඩයක්


2022 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය සදහා දින ප්‍රකාශයට පත් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් ඩී. ධර්මසේන විසින් මෙම දින ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 23 වැනිදා සිට ජුනි 01වැනිදා දක්වා පැවැත්වේ.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 6 වැනිදා පැවැත් වේ.

අ‌.පො.ස. උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 17 වැනිදා සිට නොවැම්බර් මස 12 වැනිදා දක්වා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

(Aruna)