Saturday, February 14, 2026
Follow Us
පොදු ප්‍රවාහනයට බලපෑම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නැයි පොලීසියට උපදෙස්

වර්ජනය හමුවේ පොදු ප්‍රවාහන සේවාවන්ට හානිකරන සහ පෞද්ගලික ප්‍රවාහන සේවාවලට බලපෑම් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙසට මේ වන විටත් පොලීසියට දැනුම් දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

මාර්ග අවහිරකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලීසියට දැනුම් දී ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

(Neth)