අගමැති ධුරයෙන් අස්වීම ගැන මහින්ද කිව්ව කතාව
තමන් කිසිසේත් අගමැති ධුරයෙන් ඉල්ලා අස් නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුව හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සමඟ අරලියගහ මන්දිරයේදී අද(26) පැවති හමුවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැතිවරයා පවසා තිබේ.
“කාට හරි මාව යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ වැඩි දෙනෙක් තමන් විශ්වාස කරන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් ඉල්ලා අස් නොවී තවදුරටත් තනතුරේ කටයුතු කරගෙන යන බව අගමැතිවරයා අවධාරණය කර ඇත.
(Aruna)