ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
විදේශීය අයෝජකයින් සඳහා දීර්ඝ කාලීන Residence වීසා නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ මොහොතේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්, කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් වාණිජ බැංකුවක අවම වශයෙන් අමෙරිකානු ඩොලර් 100,000ක් තැන්පත් කරනු ලබන විදේශිකයින් හට වසර 10ක කාලසීමාවක් දක්වා Residence වීසා නිකුත් කිරීමට හැකි වන පරිදි “රන් පාරාදීස වීසා වැඩසටහන” නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
තවද සහාධිපත්‍ය දේපළවල අවම වශයෙන් අමෙරිකානු එක්සත් ජනපද ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි වශයෙන් ආයෝජනය කරනු ලබන විදේශිකයින්ට සහ විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කලත්‍රයින්ට සහ යැපෙන්නට එලෙස ආයෝජනය කරනු ලබන අමෙරිකානු ඩොලර් ප්‍රමාණය මත පදනම්ව අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන Residence වීසා නිකුත් කිරීමට අනුමැතිය ලැබේ.
දීර්ඝ කාලීන Residence වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනුවට නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා 2021 මාර්තු 7 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වුණි.
(Aruna)