Saturday, February 14, 2026
Follow Us
අන්තර්වාර පාලනයකට සූදානම් – ජනාධිපති

අන්තර්වාර පාලනයක් වෙනුවෙන් තමන් සූදානම් බවට ජනාධිපතිවරයා විසින් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බව අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පවසති.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් පවතින අර්බුදයන්ට වහාම විසඳුම දීම සඳහා මැදිහත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

ඒ අනුව පවතින අර්බුදවලට විසදුම් දී මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට උත්සුක වන බවයි ජනාධිපතිවරයා සහතික වී ඇත්තේ.

කෙසේවෙතත් ආණ්ඩු විරෝධී මහජන උද්ඝෝෂණ විසින් තවදුරටත් අවධාරණය කරමින් සිටින්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉවත් විය යුතු බවයි.

(LNW)