Saturday, February 14, 2026
Follow Us
පෙට්‍රල් හා ඩීසල් තොග ගැන නිවේදනයක්

අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

ඉදිරි දින තුන තුළ තවත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකාවක් මෙරටට ළඟාවීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඩීසල්, සුපර් ඩීසල්, ඔක්ටෙන් 92 සහ 95 වර්ගයේ පෙට්‍රල් මෙන්ම බොරතෙල් තොග ද ප්‍රමාණවත් පරිදි මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍යංශය පෙන්වාදෙයි.

මාස කිහිපයක් පුරා පැවැති ඉන්ධන පෝලිම් මේ වන ක්‍රමයෙන් අඩුවී ඇති අතර ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග ලැබීමත් සමඟ එම තත්ත්වය අවසන් වනු ඇති බවට අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

පැය 24 පුරා ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය කඩිනම්ව සිදුකිරීම සඳහා ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

(Aruna)