Saturday, February 14, 2026
Follow Us
අගමැති ජාතිය අමතන්න සූදානමින් ?

අරගලය දිගින් දිගටම කරගෙන යන්න පුළුවන්


අන්තර්වාර පාලනයක් යටතේ පිහිටුවන රජයක ද අගමැතිවරයා තමන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමා නිරෝගී තත්ත්වයෙන් පසුවන බවය.

එම සාකච්ඡාවට අදාළ හඬපටය අග්‍රාමාත්‍ය කාර්යාලය (23) මාධ්‍යයට නිකුත් කළේය.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ,

“මොන ආන්තර් පාලනයක් ද?.. ඒකාට එකා නැතුව.. කොහොමද අන්තර් පාලනයක් ගෙන්නේ. එක එක්කෙනාගේ ප්‍රතිපත්ති එක එක්කනාගේ එකඟතාවයක් නැතුව.. කොහොමද අන්තර් පාලනයක් ගෙන්නේ. අන්තර් පාලනයක් ගෙනවා නම් ගෙන්න ඕනේ මගේ ප්‍රධානත්වයෙන්. මම තමයි අගමැතිවරයා. රනිල් වික්‍රමසිංහ හො වෙන අය දාගෙන අපි එක්කෙනෙක්වත් මෙක කරන්න කැමති වෙයි කියලා මම හිතන්නේ නෑ.”

“අරගලයක් යනවා… විසඳුම් හොයන්න සාකච්ඡාවට එන්නේ නැතිතාක් අරගලය ඒ විදියටම යයි. රජයත් එක්ක සාකච්ඡා කරන්න. ඒ පාර්ශ්වයන් සාකච්ඡා කරන එක තමයි කරන්න තියෙන්නේ. විසඳුමක් සොයා ගත්තොත් තමයි හොඳ. නැත්තම් ඉතින් අරගලය දිගින් දිගටම කරගෙන යන්න පුළුවන්.”

“කාටවත් සාකච්ඡා කරන්න වේලාවක් දීලා නෑ. ඕනෑ වෙලාවක අරලියගහ මන්දිරය විවෘතටි. ඉතින් ඒ අය කියනවා නම් අහවල් අය අහවල් ඒ ඒ වෙලාවට එනවා කියලා.. ඒ අය කැමති අයවම මම ගෙන්නලා දෙන්නම්.”

(Aruna)