සතොසේ සහල් මිල මෙන්න
ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කරන ලද සහල් මෙට්‍රික් ටොන් 40,000ක් දිවයින පුරා පිහිටි සතොස වෙළෙඳසැල් හරහා අලෙවිකිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සැලසුම්කර තිබේ.
ඒ අනුව, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 145කටත්, නාඩු සහල් කිලෝවක් රුපියල් 145කටත් , සම්බා සහල් කිලෝවක් රුපියල් 175කටත් අලෙවිකිරීමට නියමිතය.
එක් පාරිභෝගිකයෙකුට මිලදීගත හැක්කේ සහල් කිලෝග්‍රෑම් පහක් පමණය.
(Aruna)