Saturday, February 14, 2026
Follow Us
ඇමති නාලක ගොඩහේවා ඉල්ලා අස්වීමේ ලිපිය යවයි. ජනපති එය ප්‍රතික්ෂේප කරයි

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන ස්ථාවර ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් ඊට පූර්වාදර්ශයක් වශයෙන් තමන් ඉල්ලා අස්වන බවත් සඳහන් කරමින් තමන් මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයාට වෙත ලිපියක් යොමු කළ නමුත් ජනාධිපතිවරයා එම ලිපිය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බැවින් තවදුරටත් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීමට තමන් තීරණය කළ බවයි ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ.

නාලක ගොඩහේවා මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇති බව ඊයේ දිනයේදී මුලින්ම පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ය.

(LNW)