Saturday, February 14, 2026
Follow Us
සංචාරක පැමිණීමත් යළි වාර්තාගත ලෙස පහළ යයි

රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියෙන් පසු රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට දැවැන්ත වෙහෙසක් දැරීමට සිදුවූ බවයි.

විදුලි කප්පාදුව, ඒ ඔස්සේ අන්තර්ජාල පහසුකම් බිඳවැටීම, ඉන්ධන සහ ගෑස් අර්බුදය වැනි කරුණු හේතුවෙන් සංචාරක කර්මාන්තයට එල්ල වී ඇති බලපෑම පිළිබඳ නෙත් නිවුස් ඉකුත් සමයේ දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. ඒ, රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුවක් වී ඇති ඩොලර් හිගය මගහරවා ගැනීමට ඇති එක් විසඳුමක් වන සංචාරක කර්මාන්තයට එල්ල වන බලපෑම ද පෙන්වා දෙමින්.

මේවනවිට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් මතුව ඇති ඇතැම් විරෝධතා හමුවේ මෙරටට පැමිණි සංචාරකයින් අසීරුතාවන්ට පත්වන අවස්ථා ඉකුත් සතිය පුරාම දැකගත හැකිවුණා. සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි කියා සිටියේ මේවනවිට මෙරටට සංචාරකයින්ගේ පැමිණීම ද ක්‍රමයෙන් අඩුවී ඇති බවයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පැවසුවේ ඉදිරියේදී සංචරකයින් මෙරටට නොපැමිණියහොත් ඉන්ධන ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ පවා රටට ලබා ගැනීමට

සංචාරක දත්ත සැලකීමේදී ඉකුත් වසරට සාපේක්ෂව අතිවිශාල සංචාරකයින් සංඛ්‍යාවක් ගතවූ මාස 03 කට අධික කාලය තුළ මෙරටට පැමිණ තිබුණා. ඉකුත් 2021 වසර පුරාම මෙරටට පැමිණ තිබුණේ සංචාරකයින් එක්ලක්ෂ 94,495 ක් පමණයි.

එහෙත් මෙම වසරේ පළමු මාස 03 දී පමණක් මෙරටට සංචාරකයින් දෙලක්ෂ 85,334 ක් පැමිණ තිබුණා. පවතින තත්ත්වය තවදුරටත් පැවතිය හොත් දෛනික සංචාරකයින් පැමිණීම දහසක් දක්වා අඩු වනු ඇති බවටයි සංචාරක ක්ෂේත්‍රයේ නිරත පිරිස් පවසන්නේ.

(Neth)