Saturday, February 14, 2026
Follow Us
IMF එනතුරු රට ගෙනියන්න ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 04 ක් සොයයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් හා ලෝක බැංකුවෙන් ද ඉදිරියේදී ආධාර හිමිවනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කුමන ආධාර ලැබුණද, ආයෝජන කඩිනම් කර ගැනීම මේ මොහොතේ ඇති ප්‍රධාන අභියෝගය බව ද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා.

මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මෙම අදහස් පළ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ඡා අතරතුර අමෙරිකාවේ වොෂිංටන් නුවර සිට විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්.

(Neth)