Saturday, February 14, 2026
Follow Us
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

උසස් පෙළ සිසුන්ට පණිවිඩයක්


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2021 (2022) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ විභාගයේ නර්තන හා සංගීත විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 29 වැනිදා සිට මැයි මස 10 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

තවද පහත සඳහන් අනෙකුත් විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම අපොස උසස් පෙළ 2021 (2022) විභාගයෙන් පසුව පැවැත්වීමට නියමිත බවද දැනුම්දෙයි.

66 ජෛව පද්ධති තාක්ෂණවේදය
65 ඉංජිනේරු තාක්ෂණවේදය
28 ගෘහ ආර්ථික විද්‍යාව

AL

(Aruna)