Tuesday, September 29, 2026
Follow Us
23 සහ 24 විදුලිය කැපෙන්නේ මෙහෙමයි

පැය 03 යි විනාඩි 20 ක් රටම අඳුරේ


හෙට (23) සහ අනිද්දා (24) දිනවලදී පැය 03 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට හෙට පෙරවරු 09 සිට පස්වරු 05 දක්වා පැය 02 ක් බැගින්ද පස්වරු 05 සිට රාත්‍රී 09 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

ඉරිදා දිනයේදී ඒ සිට ඩබ්ලිව් දක්වා වන කලාප 20 කට පෙරවරු 09 සිට පස්වරු 05 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද පස්වරු 05 යි 20 සිට රාත්‍රී 09 යි 20 දක්වා පැය 01 යි විනාඩි 40 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

FQ77SvEXIAAnPtK

(Aruna)