Saturday, February 14, 2026
Follow Us
මාස්ක් පැළදීම යලි අනිවාර්්‍ය කෙරේ

අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පරිදිම මුව ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මේ වන විට රට තුළ පවතින මහජන ඒකරාශීවීම් සලකා බලා එය යළි බලාත්මක කිරීමට තීරණය කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ. පසුගිය 18 වනදා රජය ප්‍රකාශයට පත් කළේ පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවයි.

(Neth)