Saturday, February 14, 2026
Follow Us
IMF නිසා අගමැතිගේ ඉල්ලා අස්වීම ජනපති ප්‍රමාද කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වුවද එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වළක්වා ඇති බව කණින් කොනින් අපට වාර්තා වුණා. ඒ මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ජා හේතුවෙන්.

එහිදී ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාට පවසා ඇත්තේ යම් විදිහකින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් වුවහොත් එය කැබිනට් මණ්ඩලයම ඉවත් වූ බවට සැලකෙන නිසා මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රිට එය බලපාන බවයි.

(Neth)