Saturday, February 14, 2026
Follow Us
ආරක්ෂාව සපයන බවට රජයෙන් පොරොන්දුවක් - ඉන්ධන ටැංකි රථ හිමියන්ට අද සේවයට එන්නැයි දැනුම් දෙයි

ඉන්ධන ප්‍රවාහන රථ සඳහා අද දිනයේ සිට ආරක්ෂාව සපයන බව රජය විසින් දැනුම් දී ඇතැයි ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන් පවසනවා. එබැවින් අද සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බවයි ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා පැවසුවේ.

ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව සිය ප්‍රවාහන ගාස්තු ද ලංකා ඛණිජතෙල් සංස්ථාව මගින් ඉහළ දමා ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)