Saturday, February 14, 2026
Follow Us
සාමකාමීව උද්ඝෝෂණය වලට බාධා කරන්නේ නෑ

රඹුක්කන සිද්ධිය ගැන ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්


සාමකාමීව උද්ඝෝෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති අයිතියට බාධා නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය අපක්ෂපාතී සහ විනිවිද පරීක්ෂණයක් කරනු ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ ජනාධිපතිව්‍රයා පවසයි.

රඹුක්කන දී සිදුවූ ඛේදවාචකය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කම්පාවන බවද ජනාධිපතිවරයා පැවසීය.

උද්ඝෝෂණ අතරතුරදී කලහකාරී ලෙස හැසීරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලීය.

(Aruna)