Saturday, February 14, 2026
Follow Us
පොලිසියට බලය තියෙනවා, ඔවුන් වෙඩි තිබ්බේ පොලිස් ආඥාපනත අනුවයි – ඇමති ප්‍රසන්න

රඹුක්කන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයකට ඊයේ (19) පොලිසිය විසින් වෙඩිතබනු ලැබුවේ පොලිස් ආඥාපනත අනුව බවත් පොලිසියට ඒ සඳහා අවශ්‍ය බලය ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

උද්ඝෝෂකයින් උත්සාහ කළේ ඉන්ධන ලීටර් 33,000ක් සහිත බවුසරයක් ගිනිතැබීමට බව පැවසූ අමාත්‍යවරයා එය සිදුවුණේ නම් අද රඹුක්කනක් ඉතිරි නොවන බවත් ප්‍රකාශ කළේය.

එමෙන්ම පසුගිය දිනවල රටේ පැවති උද්ඝෝෂණවලට බස් රථවලින් සෙනඟ අද්දවමින් ඒවා උත්සන්න කරවීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය කටයුතු කළ බවටත් අමාත්‍යවරයා චෝදනා කළේය.

අමාත්‍යවරයා අද (20) උදෑසන පාර්ලිමේන්තුව අමතමින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකළේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ ය. ඔවුහු අමාත්‍යවරයාට “මිනීමරුවා” යැයි කියමින් විරෝධය පළකරනු දක්නට ලැබිණි.

(LNW)