Saturday, February 14, 2026
Follow Us
ඖෂධ හිඟය ගැන සෞඛ්‍ය ඇමති හෙළි කරයි

රෝහල්වල හදිසි නොවන සැත්කම් කල් දැමේ


ඖෂධ හිඟය හේතුවෙන් මෙරට රෝහල්වල කිසිදු මරණයක් සිදුව නොමැති බව පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.

සෞඛ්‍ය ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ බව තමන් වෙත තහවුරු කළ බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් ඖෂධ ගෙන්වීම සඳහා වූ ණයවර ලිපි විවෘත කිරීමේදී ප්‍රමාදයක් සිදුවීම හේතුවෙන් ඖෂධ රටට පැමිණීමේ ප්‍රමාදයක් සිදුවිය හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිළි කිරීමක් සිදු කළ අතර අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37 ක් මේ වනවිට නොමැති බව ඔහු එහිදී සඳහන් කළේය.

ඇතැම් රෝහල්වල දින නියම කරන හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමඟ පවතින තත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(Aruna)