Saturday, February 14, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයේ වග කිව යුත්තන්ට දඩුවම් දෙනවා

පාස්කු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්


පාස්කු ඉරිදා ත්‍රස්ත්‍ර ප්‍රහාරයට වගකිව යුතු සියළු පාර්ශව වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය බැදී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ මේ බව සදහන් වේ.

නිසි අයුරින් හා නියමිත පරිදි සිදු කරනු ලබන විමර්ශණ මගින් පාස්කු ප්‍රහාරයේ සියලු වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට රජය කැපවන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ගෝලීය වසංගතය සාර්ථක ලෙස පාලනය කිරීමට හැකි වූ නිසා කිතුණු ජනතාවට මෙවර පාස්කු මංගල්‍යය සුපුරුදු ලෙසින් සැමරීමට හැකි බව ජනාධිපතිවරයා සිහිපත් කර සිටියි.

(Aruna)