Saturday, February 14, 2026
Follow Us
මුදල් ඇමති ප්‍රමුඛ කණ්ඩායම වොෂින්ටනයට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හෙට ඇරඹෙයි


ශ්‍රී ලංකාව පත් වී තිබෙන මූල්‍ය අර්බුදයට විසදුම් සොයා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්‍රි ඇතුළු කණ්ඩායම අද (17) දින අලුයම ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

මුදල් අමාත්‍යවරයා සමග ඔහුගේ සහායට තවත් අයෙකු සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ ඔහුගේ සහායට තවත් අයෙකු ද වශයෙන් සිව් දෙනෙකු මෙම කණ්ඩායමට ඇතුළත් වේ.

ඔවුන් අද අලුයම 05.07 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 659 දරන ගුවන් යානයෙන් මුලින්ම කටාර් රාජ්‍යයේ දෝහා වෙත කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.

ඉන්පසුව එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් මෙම පිරිස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතයි.

(Aruna)