Saturday, February 14, 2026
Follow Us
විදුලි කප්පාදුව යළි අද සිට

දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව


අද (16) දිනයේ සිට යළි විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද සහ හෙට (17) යන දෙදින තුළ දිවා කාලයේ පමණක් විදුලි කප්පාදුව සිදුකිරීමට සැලසුම් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

ප්‍රධාන කලාප දෙකක් යටතේ පැය 02යි මිනිතුත් 15ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

A, B, C, D, E, F, G, H, I, G, K, L යන කලාප සඳහා පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

එමෙන්ම P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා ද පෙරවරු 09.00 සිට පස්වරු 06.00 අතර කාලය තුළ පැය 02යි මිනිත්තු 15ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ලය සඳහන් කළේය.

(Aruna)