අලුත් කැබිනට් එකේ රාජපක්ෂලාට ලැබුණු තැන
නව කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (18) දිවුරුම් දීමේ සූදානමක් පිළිබඳ රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග මගින් අනාවරණය වේ.
නව කැබිනට් මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විතවන අතර අගමැති හැර අනෙක් රාජපක්ෂලා ඉවත් කර ඇති බව වාර්තා වේ.
දැනට ඇමැති ධුරවල දිවුරුම් දී ඇති ජොන්ස්ටන් ප්‍රනාන්දු , රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලුත්ගමගේ ගේ ධුරවල වෙනසක් නොවන බවද කියවේ.
නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් දැරූ කීපදෙනෙක් කැබිනට් මණ්ඩලයට එක් වනු ඇති බවත් එම ආරංචි මාර්ග කියයි.
(Aruna)