Saturday, February 14, 2026
Follow Us
 ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ එන්න ප්‍රවාහන සේවා අද සිට

අළුත් අවුරුදු නිවාඩුව සඳහා ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීම සඳහා අවශ්‍ය ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා. ඒ අනුව එම ජනතාවගේ පහසුව වෙනුවෙන් අද සිට අතිරේක බස්රථ ද ධාවනයට එක්කර ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. මේ, එහි සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස.

කෙසේවෙතත් පවතින ඩීසල් හිගය හේතුවෙන් මගී ප්‍රවාහන පෞද්ගලික බස්රථ ධාවනයට බාධා එල්ල වී ඇතැයි පෞද්ගලික බස්හිමියන්ගේ සංගම් පවසනවා. එහෙත් ගම්බිම් බලාගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා හෙට සහ අනිද්දා දිනයේදී පෞද්ගලික බස්රථ ධාවනයට එක් කිරීමට කටයුතු කරන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.

දැනට සැලසුම් කර ඇති කාලසටහනට අනුව සීග්‍රගාමී හා නගරාන්තර දුම්රිය අද දිනයේදී ධාවනයට එක් කරන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - ගමනාගමන, ගාමිණි සෙනෙවිරත්න සඳහන් කළේ.

(Neth)