Saturday, February 14, 2026
Follow Us
ඉන්ධන රැගත් තවත් නෞකා 02 ක් අද දිවයිනට

ඉන්ධන රැගත් නෞකා 02 ක් අද මෙරටට ලගාවීමට නියමිතව තිබෙනවා. ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ අදාළ නෞකා දෙකෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් සහ පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 37,000 ක් මෙරටට රැගෙන එන බවයි. ඉන්දීය ණය ආධාර යටතේ එම නෞකා 02 මෙරටට ලගාවන බව ද ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ඉන්ධන තොග බෙදාහැරීමේ කටයුතු අද දිනයේ ආරම්භ කරන බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. ඒ අනුව පළාත් අතර වැඩි ඉන්ධන ප්‍රමාණයක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ද ඛණිජතෙල් සංස්ථාව සඳහන් කළා.

ඉන්ධන තොග රැස්කර තබාගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මේදිනවල වැඩිවශයෙන් වාර්තා වනවා. එවැනි අකටයුතුකම්වල නිරත වි සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලීසිය විසින් තවදුරටත් සිදුකරමින් ඇති බවයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ

මේ අතර ගෑස් බෙදාහැරීමේ කටයුතු ද ලබන 18 වනදා සිට යළි ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු ඉකුත් 12 වනදා සිට තාවකාලිකව අත්හිටුවීමට ලිට්‍රෝ සමාගම තීරණය කළා. කෙසේවෙතත් මෙට්ට්‍රික් ටොන් 8500 ක ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරියේදී මෙරටට ලගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ.

(Neth)