Saturday, February 14, 2026
Follow Us
අප්‍රේල් 16 සහ 17 විදුලි කප්පාදු කරන කාලය අඩුකරවා - මහජන උපයෝගීතා කොමිසම

අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ විදුලි කප්පාදු කරන කාලය අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 15 ක කාලයක් පමණක් විදුලි කප්පාදුව සිදු කෙරෙන බවයි.

පෙර දැනුම්දුන් පරිදි අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පවතින වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු මේ වන විට විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ දැදුරු ඔය, කුඹුල්වානා ඔය, රාජාංගනය, අංගමුව සහ රඹකැන් ඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි. පවතින වැසි හේතුවෙන් ජලාශවල ජල ධාරිතාව සියයට 70ක් දක්වා ළගා වී ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(Neth)