අත්‍යවශ්‍ය සේවාවන් සඳහා කඩිනමින් ඉන්ධන ලබා දීමට නව වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට කටයුතු සකස් කරමින් තිබෙනවා. මේ සඳහා ආකෘති අයදුම්පත්‍රයක් ද මේවනවිට සකස් කර අවසන්. ඒ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කිරීමෙන් අනතුරුව එය අත්‍යවශ්‍ය සේවාවන් සපයන පුද්ගලයින් වෙත ලබාදීමට නියමිත බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත සඳහන් කළේ. මෙහිදී සිදුවන්නේ පෝළිම්වල රැදී නොසිට අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙහි අරමුණයි.
ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරනු ලැබුවා.
ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් සඳහා ඉන්ධන ලැබෙන්නේද යන්න සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශ භාර රාජ්‍ය නිලධාරීන් හරහා විමසීමක් සිදුකිරීමට නියමිතයි. ඉන් අනතුරුව එලෙස ඉන්ධන නොලැබෙන අත්‍යවශ්‍ය සේවාවන් සපයන පුද්ගලයින් සඳහා ඉන්ධන ලබාදීමට ප්‍රමුඛත්වය ලබාදීමට කටයුතු කරන බවයි ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන තොග ලබාදී ඇති බැවින් පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉන්ධන මිලදී ගන්නා ලෙස ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
අනවශ්‍ය පරිදි ඉන්ධන රැස්කිරීම් පිළිබඳ දිගින් දිගටම වාර්තා වුවහොත් ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රමවේදයක් සකස් කිරීමට අවධානය යොමු වී ඇති බවයි එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ.
කෙසේවෙතත් ඉන්ධන පිරවුම්හල්වල මේ වන විටත් පෝළිම් දක්නට ලැබෙනවා. ඇතැම් ප්‍රදේශවල ඩීසල් මෙන්ම පෙට්‍රල් පෝලම් ද දක්නට ලැබුණා.
(Neth)