ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් කළ ඉල්ලීම
පානීය නළ ජලය සියයට සියයක් සෞඛ්‍යාරක්ෂිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
දිවයින පුරා ඇති සියලුම ජල පවිත්‍රාගාරවල ජලය පවිත්‍රීකරණය කර ප්‍රමිතියට අනුකූලව දිවයින පුරා බෙදාහැරීම් සිදුකරන බව එම මණ්ඩලයේ සමාන්‍යාධිකාරීවරයා නිවේදනය කර සිටියේය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සියලුම රසායනාගාර මඟින් නිරතුරුව පවිත්‍රාගාරයේ සහ බෙදාහැරීමේ පද්ධතිය තුළ සිදුකරන තත්ත්ව පරීක්ෂාවෙන් පසුව එම ජලය ජනතාව වෙත මුදාහරින බව ද සමාන්‍යාධිකාරීවරයාපවසයි.
එබැවින් සියයට සියයක් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කොට, ජනතාව වෙත ලබා දෙන ජලයේ ගුණාත්මකභාවය පිළිබඳව පැතිරෙන අසත්‍ය ප්‍රචාරයන්ට කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව ද සමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
(Aruna)