මෙරටට ගෙන්වන ඉන්ධන නිසි ප්‍රමිතියෙන් තොර බවට ඇතැම් පුද්ගලයින් සැක පල කරනවා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ රසායනාගාර කළමණාකරු නලින් චන්ද්‍රසිරි පැවසුවේ මෙරටට ගෙන්වන ඉන්ධන නියමිත ප්‍රමිතියෙන් යුක්ත බවට අවස්ථා හතරකදී පරීක්ෂා කර තහවුරු කෙරෙන බවයි. එබැවින් මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් සහතික විය හැකි බවද ඔහු කියා සිටියා.
සිය ආයතනය ප්‍රමිතියෙන් යුත් ඉන්ධන නිකුත් කළද යම් පිරවුම්හලකදී ඒවාට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීමේ හැකියාවක් පවතින බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.
(Neth)