Saturday, February 14, 2026
Follow Us
ලබන සතියේ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන සතියේ විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමක් හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන් කැඳවා අදහස් දැක්වීමක් සිදුකිරීමට නියමිත බවයි.

එහිදී වත්මන් ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.

කැබිනට් මණ්ඩලයේ සියලුදෙනා ඉල්ලා අස්වීමෙන් පසු මේ දක්වා කැබිනට් මණ්ඩලය ද සම්පූර්ණ කර නැහැ. නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ද ලබන සතියේ සිදුකිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

(Neth)