Saturday, February 14, 2026
Follow Us
අවශ්‍ය ඉන්ධන තොග තිබෙනවා : ඉන්ධන හිඟයක් ඇතිවෙන්නේ නැහැ - ඛණිජ තෙල් නීතිගත සංස්ථාව

මෙම මාසයේ පරිභෝජනය සඳහා අවශ්‍ය වෙතැයි අපේක්ෂා කෙරෙන පෙට්‍රල් සහ ඩීසල් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ මේ හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩකඩක් නොමැති බවයි. එබැවින් අනවශ්‍ය කලබලයකින් තොරව අවශ්‍ය ඉන්ධන ලබාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.

(Neth)