Saturday, February 14, 2026
Follow Us
අලුත් අවුරුද්දට සතොසෙන් සහන මල්ලක්

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත්


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් වෙළෙඳපොලෙහි පවතින ඉහළ මිලට වඩා අඩුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 5ක් ඇතුළත් සහන මල්ලක්, ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා පාරිභෝගිකයා වෙත ලබා දීමට වෙළෙඳ අමාත්‍යාංශය විසින් කටයුතු සලසා තිබෙනවා.

සහල්, කිරිපිටි, සීනි, තේකොළ ඇතුළත් වන මෙම ලංකා ස.තො.ස සහන මල්ල රුපියල් 1950ක මිලට අලෙවි කිරීමට නියමිත බව යි වාර්තා වන්නේ.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි පවතින මිලගණන් හා සැසඳීමේ දී මෙම භාණ්ඩ වර්ග 05 මිලට ගැනීම සඳහා වැය කළ යුතු මුදලට වඩා රුපියල්700ක් හෝ ඊට වැඩි වාසියක් මෙම අවුරුදු සහන මල්ල මිල දී ගැනීම තුළින් පාරිභෝගිකයාට හිමි වනු ඇති බවයි ඔවුන් සදහන් කරන්නේ.

මෙම අවුරුදු සහන මල්ල මෙම මස 09 වැනි දින සිට ලංකා සතොස අලෙවි ශාඛාවලින් බෙදා හරින බව යි වාර්තා වන්නේ.

එම සහන මල්ල මෙතැනින්

නාඩු සහල් කිලෝ 05යි
සම්බා සහල් කිලෝ 05යි
හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400‍යි
දුඹුරු සීනි කිලෝ 01යි
තේ කොළ ග්‍රෑම් 100යි

(Aruna)