පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්
රට තුළ පවතින අර්බුදකාරි තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මුදල් අමාත්‍යවරයෙකු, මහබැංකු අධිපතිවරයෙකු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු මෙතෙක් පත් නොකිරීම හේතුවෙන් තම මේ මස වැටුප අලුත් අවුරුද්දට පෙර ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශවයන් අවිනිශ්චිතතා මතුකර තිබුණි.
පෙර වර්ෂවලට සාපේක්ෂව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම නියමිත දිනට පෙර ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබේ.
ඒ අනුව වැටුප් ලබාදෙන දිනය ඉදිරියේදි දැනුම් දෙන බව ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
(Aruna)