Saturday, February 14, 2026
Follow Us
මුදල් ඇමති ධූරය භාර ගන්නැයි ජනපති කළ ඉල්ලීමට බන්දුලගේ එකගතාව

මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එම ඉල්ලීමට හිටපු අමාත්‍යවරයා එකගතාව පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා රංජිත් සියඹලාපිටිය ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිව ඉදිරියට රැගෙන යා යුතු බැවින් ජනාධිපතිවරයා රංජිත් සියඹලාපිටියගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී මෙම ඉල්ලීම සිදුකර තිබෙනවා.

එහිදී අදහස් පල කළ රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාව මත, ඉදිරියටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළා. පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ දිනයේ සිට කටයුතු කරන්නේ පාර්ලිමේන්තුවේ දී ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙසයි.

(Neth)