පාර්ලිමේන්තු විවාදය අද දෙවන දිනටත්
අද රට තුළ පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බව අනුමාන කළ හැකි බව කථානායකවරයා පැවසීය.
අද (06) උදෑසන පාර්ලිමේන්තුව ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් කථානායකවරයා මේ බව කියා සිටියේ.
රටෙහි මේ වනවිත ඇති වී පවතින අර්බුදය ව්‍යවස්ථාමය රාමුවක් යටතේ විසඳීමට මේ සතිය අවසන් වීමට පෙර එකඟතාවකට පැමිණෙන ලෙස කථානායක මහින්ද යාපා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
“අද මේ විවාදය පවත්වන්නේ අප දන්නා ඉතිහාසයේ, අප රට තුළ ඇති වු දරුණුතම ආර්ථික අර්බුදයක ආරම්භයේ බව සිහිගන්වමි. මෙය අර්බුදයක ආරම්භයක් ලෙස මම සඳහන් කරනුයේ, මා හට දැනෙනා ලෙසට මෙය තව උග්‍ර වීමට ඉඩ ඇති බවට ආර්ථික විද්‍යාඥයින් අනතුරු අඟවන නිසාය. අද පවතින ඉන්ධන, ගෑස්, විදුලි හිඟයට වඩා ඉදිරියේ දී දරුණු ආහාර හිඟයක් ඉදිරියට ඇති විය හැකි බවට අනුමාන කරයි. එය එසේ සිදුවේවි ද නැතිනම් එය යම්තාක් දුරටකට හෝ පාලනය කරගන්නේ අප සියලුදෙනා මේ සතිය තුළ ක්‍රියාකරන ආකාරය මත යැයි මා විශ්වාස කරමි.”
(Aruna)