පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
ඕනෑම අයෙකුට සාමකාමී උද්ඝෝෂණයක් සිදුකිරීමට හැකියාවක් තිබුණ ද කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල යෙදෙමින් උද්ඝෝෂණ සිදුකරන්නන් අත්අඩංගුවට ගන්නා බව පොලීසිය පවසනවා.
ඇතැම් උද්ඝෝෂණවල යෙදීසිටි පුද්ගලයින් විසින් ගිනි තැබීම්, අයුතු ඇතුළුවීම්, අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවට වාර්තා වී ඇති බව පොලීසිය පවසනවා.
එවැනි ක්‍රියා සිදුකළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර වීඩියෝ සාක්ෂි මත හඳුනාගෙන ඇති තවත් පුද්ගලයින් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.
එබැවින් කලහකාරී සහ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල නොයෙදෙන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
(Aruna)