Thursday, April 09, 2026
Follow Us
ජනතාවට සෞඛ්‍ය අංශයෙන් සිහි කැඳවීමක්

ඉකුත් වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම කළ බැවින් මෙවර අවුරුදු සමයේ සියලු ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අවුරුදු සමයේ සිදුකෙරෙන ප්‍රධාන ක්‍රියාවලීන්වලදී අවධානයෙන් කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

මෙම කාලසීමාවේදී විශේෂයෙන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු කිහිපයක් පිළිබදවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙලෙස පැහැදිලි කළා.

මේ අතර කලකින් පසු පෙරේදා දිනයේ මෙරටින් කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ නිවේදනය කළා. ඊයේ දිනයේ අලුතින් හදුනාගෙන ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 113 දෙනෙකු පමණයි.

(Neth)