Saturday, February 14, 2026
Follow Us
විදුලිය කැපෙන්නේ මෙහෙමයි

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන කාලසටහන මෙන්න


පවතින විදුලි අර්බුදය හේතුවෙන් කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු සෑම කලාපයක් සඳහාම පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද A සිට F දක්වා කලාප සඳහා පෙරවරු 8 සිට දහවල් 12 දක්වා පැය 4ක කාලයක් සහ පස්වරු 5 සිට රාත්‍රී 7.30 දක්වා පැය 02 යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

G සිට L දක්වා කලාප සඳහා පස්වරු 1 සිට පස්වරු 5 දක්වා පැය 04ක කාලයක් සහ නැවත රාත්‍රි 07.30 සිට රාත්‍රි 10.00 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි විසන්ධි කරයි.

එමෙන්ම කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය සඳහා අද සිට ලබන 08 වැනිදා දක්වා පැය 03යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.

(Aruna)