Saturday, February 14, 2026
Follow Us
පාර්ලිමේන්තුවට විශේෂ ආරක්ෂාවක්

ආරක්ෂාව ගැන ගත් තීරණය


පාර්ලිමේන්තු සංකීර්ණය සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන යෙදවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම සංකීර්ණයේදී අද (04) පෙරවරුවේ පැවැත්වුණු විශේෂ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මේ අනුව පාර්ලිමේන්තුව සංකීර්ණයේත් ඒ අවට ප්‍රදේශවලත් පාර්ලිමේන්තුව වටා පිහිටි දියවන්නා ඔයේත් විශේෂ ආරක්ෂක රැකවල් තර කෙරෙනු ඇත.

මේ සාකච්ඡාවට මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියාර් අද්මිරාල් සරත් වීරසේකර මහතාද ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ආරක්ෂක බුද්ධි සේවාවන්හි ප්‍රධානීහු පිරිසක්ද සහභාගිවූහ.

(Aruna)