Saturday, February 14, 2026
Follow Us
ජනතාව මුහුණ දෙන බරපතල අර්බුද ගැන අගමැතිගේ දැඩි අවධානය !

විදුලි කප්පාදුව, ඉන්ධන අර්බුදය, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාම ඇතුළු හේතු කිහිපයක් නිසා රටේ සාමාන්‍ය ජනතාවට මුහුණ දී ඇති පීඩා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි අවධානය යොමුව ඇති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජනතාව විඳින පීඩා අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි මේ වනවිටත් අගමැතිවරයා අදාල බළධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ බොහෝ ගැටලු විසඳෙනු ඇති බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

අද දිනයේදී පැය 06 කට අධික විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත තිබූ නමුත් අගමැතිවරයාගේ මැදිහත්වීම මත එය පැයකුත් විනාඩි 40 කට සීමා කර තිබේ.

අලුත් අවුරුදු උත්සව සමය තුළදී විදුලි කප්පාදුව ඉතා අවම මට්ටමකින් පවත්වාගෙන යාමට ආණ්ඩුව සූදානම් වන අතර බඩුමිල අඩු කිරීම, අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයකින් තොරව වෙළඳපොලට සැපයීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අගමැතිවරයා අවශ්‍ය නියෝග හා මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

(LNW)