Thursday, April 09, 2026
Follow Us
සමාජ මාධ්‍ය ජාලා අත්හිටුවීමට හේතුව

ආරක්ෂක අමාත්‍යංශය TRCයෙන් කළ ඉල්ලීම


මෙරට තුළ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය තාවකාලිකව මේ වන විට අත්හිටුවා තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය කළ ඉල්ලීම මත විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මෙලෙස සමාජ මාධ්‍ය අත්හිටුවීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ෆේස්බුක්, වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, යු ටියුබ් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා කිහිපයක ක්‍රියාකාරිත්වයට මෙම තාවකාලික අත්හිටුවා තිබේ.

මේ අතර මෙරට ජංගම දුරකථන සේවා සපයන සමාගම්වල පාරිභෝගික සේවා මධ්‍යස්ථාන හරහා ද සමාජ මාධ්‍ය අත්හිටුවීම සම්බන්ධයෙන් හඩපටයක් ඇතුළත් කර තිබේ.

(Aruna)