Saturday, February 14, 2026
Follow Us
මිරිහානේ සිද්ධියෙන් මිලියන 39 ඉක්මවූ දේපළ හානියක් සිදුවූ බවට පොලීසියෙන් ප්‍රකාශයක්

නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කණ්ඩායම් 03 ක් මඟින් විමර්ශන සිදුකරන බව පොලීසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජේ්‍යෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ නිරතවූ ජනතාව කිසියම් කණ්ඩායමක් විසින් ප්‍රකෝප කිරීමක් සිදුකර ඇත්දැයි සොයා විශේෂ විමර්ෂණ ක්‍රියාත්මක බවයි.

සවස 06 ට පමණ ආරම්භ වූ එම උද්ඝෝෂණය රාත්‍රී 10 යි 30 පමණ වන තුරු සාමකාමී අයුරින් පැවති බවත්, ඉන් පසු උද්ඝෝෂකයින් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පොලීසියට බලය පාවිච්චි කිරීමට සිදුවූ බවත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ එම මාධ්‍ය හමුවේදී කියා සිටියා.

මෙම සිද්ධියෙන් හානිවී ඇති දේපලවල වටිනාකම රුපියල් මිලියන 39 ක් පමණ වන බවයි එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

(Neth)