Saturday, February 14, 2026
Follow Us
රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

අති විශේෂ ගැසට් නිවේදනය මෙන්න


කල්ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා විසින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව, අද (01) දිනයෙන් ආරම්භවී ජුනි මස 30වනදායින් කල්ඉකුත් වීමට නියමිත සියලු රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාවන්, කල්ඉකුත් වීමේ දිනයේ සිට මාස 06ක කාලයක් දක්වා දීර්ඝ කර තිබේ.
එමෙන්ම ජූලි මස 01වනදායින් ආරම්භ වී සැප්තැම්බර් මස 30 වනදායින් කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍රවල වලංගු කාලය කල්ඉකුත්වීමේ දිනයේ සිට මාස 03ක කාලයක් සඳහා දීර්ඝ කර ඇත.

(Aruna)