Saturday, February 14, 2026
Follow Us
ඇඳිරි නීතිය ගැන ගත් තීරණය මෙන්න

අද අලුයම 5 සිට සිදුවූ දේ


කොළඹ අවට පොලිස් බල ප්‍රදේශ කිහිපයකට ඊයේ රාත්‍රියේ සිට පැනවූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කර තිබෙනවා.

කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ, නුගේගොඩ ගල්කිස්ස සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශවලටයි ඊයේ රාත්‍රී සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවේ.

රට මුහුණ දී සිටින ගැටලුවලට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයාගේ නිවසට පිවිසෙන මිරිහාන – පැගිරිවත්ත පාර අවහිර කරමින් ඊයේ පස්වරුවේ විරෝධතාවක් පැවැත්වු අතර එහිදී ඇතිවූ නොසන්සුන්තාව හමුවේයි මෙලෙස පොලිස් ඇඳිරි නීතිය පැනවුණා.

(Aruna)