Saturday, February 14, 2026
Follow Us
බැසිල් හදිස්සියේම ගත් තීරණය මෙන්න

මුදල් ඇමති විශේෂ සාකච්ඡාවක


පවතින ඩොලර් අර්බුදය හමුවේ ඖෂධ ආනයනය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ එකඟතාවය පළ කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඖෂධ හිඟය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකින් පසු අදහස් දක්වමින්.

පවතින ඖෂධ සහ සෞඛ්‍ය උපකරණ හිඟය සමග රජයේ රෝහල් රැසක ප්‍රතිකාර මෙන්ම රෝග පරීක්ෂණ කටයුතු වලට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඇතැම් රෝගීන් සඳහන් කලේ ඔවුන්ට පෞද්ගලික ඔසුසැල්වලින් ඖෂධ මිල දී ගැනීමට සිදුව ඇති බවයි.

(Aruna)