Saturday, February 14, 2026
Follow Us
අගමැතිගෙන් විශේෂ දැනුම්දීමක්

ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක්


රටේ පවතින තෙල් හිඟය හේතුවෙන් ඉන්ධන පිරිමසා ගැනීමේ පියවරක් ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සිය අමාත්‍යාංශවල නිලධාරින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ දැනුම්දී තිබෙනවා.

මෙම අර්බුදය නිසා ජනතාව පත්ව ඇති දුෂ්කරතාවය පිළිබඳ අප රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ.

(Aruna)