දැනට පවතින විදුලි කප්පාදුව තවත් පැය 02කින් හෝ අඩු කර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ෂධක් සමාගමෙන් ඩීසල් මෙටි්‍රක් ටොන් 6,000ක් ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ, ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ ඉන්ධන තොගය මිලදී ගෙන සෘජුවම විදුලි උත්පාදනය සදහා ලබා දෙනු ඇතියි. අද රාත්‍රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් අපේක්ෂා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.
කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලය ඉංජිනේරුවරුන් ඊයේ පැවසුවේ ඉදිරියේ දී පැය 15ක කාලයක් වුව ද විදුලිය විසන්ධි කිරීමේ අවධානමක් ඇති බවයි.
ඉතිහාසයේ ප්‍රථම වරට අද දිනයේ පැය 13 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකයි. එය ආරම්භ වුණේ මධ්‍යම රාත්‍රී 12 සිටයි. ඒ අනුව කාණ්ඩ කිහිපයක් යටතේ වෙලාවන් 03කට යටත්ව විදුලි කප්පාදුව සිදු කරනු ඇති. කෙසේවෙතත් නෙත් නිවුස් ඇමතූ බොහෝ පිරිස් පැවසුවේ ප්‍රකාශයට පත් කරන වේලාවන්ට විදුලි කප්පාදුව සිදු නොවන බවයි.
මේ අතර විදුලි කප්පාදුව හේතුවෙන් ආයෝජකයින් සහ සෙසු පාර්ශ්වයන්ට මුහුණ දීමට සිදුවී ඇති දුෂ්කරතා පිළිබඳ අවධානය යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු හෙට දිනයේ පෙරවරු 10යි 30 සිට පස්වරු 12යි 30 දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ, දීර්ඝ විදුලි කප්පාදුව හේතුවෙන් ගනුදෙනුකරුවන් සහ සෙසු පාර්ශ්වයන්ට වෙළඳපොළට ප්‍රවේශ වීම සහ ක්‍රියාත්මක කිරීම අපහසු වී ඇති බවට වාර්තා වීම හේතුවෙන්.
(Neth)