Saturday, February 14, 2026
Follow Us
අත්‍යවශ්‍ය සේවකයින් පමණක් සේවයට කැඳවන්න අවසර ගන්න - ඇමති නාමල් සිය අමාත්‍යාංශ ලේකම්ට උපදෙස් දෙයි

පවතින ඉන්ධන සහ විදුලි අර්බුධය හේතුවෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ රාජකාරි සඳහා අත්‍යාවශ්‍ය සේවකයින් පමණක් කැඳවීමට අවශ්‍ය අවසරය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ලබා ගන්නා ලෙසට තමන් සිය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

විදුලි සැපයුම සහ ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා මෙම ක්‍රමවේදය මගින් බලාපොරොත්තු වන බවත් සෙසු සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරිමට හැකි බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

(Neth)